ගැබිණියකගේ තනපුඩුවක පැහැය උරා
පාවෙන වළාකුළු පවතී අහස පුරා
මිටියාවතේ මීදුම් ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා.
පසුගිය දිනක පුවත්පතක පලවූ පාර්ලිමේන්තු වාර්ථාවකට අනුව පාර්ලිමේන්තුවේදීවත් ප්‍රකාශ කිරීමට නොහැකි අසභ්‍ය වචන සහිත කවි පන්තියක් පාසල් පෙලපොතකින් ඉවත් කළ බව ගරු අධ්‍යාපන ඇමති තුමා ප්‍රකාශ කර තිබුණා. ඒ අවස්ථාවේ එම කවිය කුමක්දැයි දැන ගැනීමේ ආසාවක් ඇති වුවත් එයට අවස්ථාවක් නොලැබුණු අතර, මෙම සති අන්තයේ පුවත් පතක එම සිද්ධිය පිළිබඳ විචාරාත්මක ලිපියක් පලවී තිබුණා. රේණුකා හේරත් හිටපු ඇමතිතුමිය ඉදිරිපිට අපේ ගරු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාට ලැජ්ජා බයක් ඇතිව කියවිය නොහැකි කවියයි මේ.
ගැබිණියකගේ තනපුඩුවක පැහැය උරා
සිංහල සාහිත්‍ය කන්නද කියා කිවූ තවත් දේශපාලකයෙකුට සිනාසෙන අපේ දේශපාලකයින්ගේ සාහිත්‍ය! අඳෝමැයි.
කෙසේ වුවද එකක් ගැන සතුටුවිය හැකිය. එනම් අපේ පාර්ලිමේන්තුව යනු උපමාවක් ලෙස කාන්තා ඇඟ-පසඟක් ගෙනහැර පාන්නේවත් නැති ඉතා ශිෂ්ඨ වචන පාවිච්චි කරන රටටම ආදර්ශවත් තැනක් ලෙස නිගමනයකට අපට මෙයින් එළඹිය හැකිය.
Medieval Game Board Identified in Moroccan Bathhouse
22 hours ago

