Tuesday, October 14, 2008

මානව පරිණාමය

මානව පරිණාමය (නැවතත්)


මානව පරිණාමය වසර මිලියන 6 ක් තිස්සේ සිදුවී ඇතිබව විද්‍ය‍ාත්මක සාධක සහිතව පෙන්වා දී ඇත. හතරගාතයෙන් ගිය සත්වයෙක් දෙපයින් නැගී සිටීම මානව පරිණාමයේ පළමු පියවර වූ අතර එය මීට වසර මිලියන 4 කටවත් පෙර සිදුවන්නට ඇත. එහෙත් ඉතා වැදගත්ම මෙන්ම ආවේනිත වූ මානව ගුනාංගය වූ සිතීමේ හැකියාව ලැබීම හෙවත් සංකීර්ණ මොලයක් පහලවීම සිදුවී ඇත්තේ ඊට බොහෝ කලකට පසුවය. අදහස් හුවමාරුව සඳහා භාෂාව යොදා ගැනීම, සංස්කෘතික විවිධත්වයක් සහිත කලාවන් කෙරෙහි යොමුවීම සිදුවී ඇත්තේ ගෙවී ගිය වසර 100,000 ක් තුලදීය.

‘හෝමෝ සේපියන්’ හෙවත් ‘මනවයා’ගේ සහ චිම්පන්සි, බැබුන්, ගෝරිල්ලන් වැනි වානරයන්ගේ පූර්වජයා මීට වසර මිලියන 6 කට හෝ 8 කට පෙර අප්‍රිතාවේ ජීවත් වූවෙකු බවට මත ප්‍රකාශවී ඇත.

මානව පරිණාමය තුලදී වෙනස් විශේෂ 12 ක් හෝ 19 ක් පමණ ඇතිවී නැතිවී ගොස් ඇතත් ඒ සඳහා බලපෑ හේතු තවමත් සොයාගෙන නැත.

No comments: