Wednesday, November 26, 2008

වින්ඩෝස්ට ණයගැතියි..!

අපේ රටට පරිගනක එනකොටම පරිගනක ආශ්‍රිතව බුද්ධිමය දේපල පනත ක්‍රියාත්මක වුණානම් අපි පරිගනක ඉගෙන ගන්නේ වින්ඩෝස් වලින්ද?

My notion මේ මගේ මතය බ්ලොග් අඩවියේ සටහනකට කමෙන්ට් එකක් දමද්දී මට මෙහෙම හිතුනේ. මෙම බ්ලොග් එක පටන් ගත්තේ අපේ පරිනාමය ගැන ලියන්න. ඒත් මේ මචං කෙනෙක් ලියල තිබුණු සටහනක් දැකල මටත් හිතුනා මගේ බ්ලෝග් එකෙත් ඒ ගැන යම්ක් ලිවිය යුතුයි කියල. මේ තියෙන්නේ මගේ ක‍මෙන්ට් එක.

"මචං, මයිකොසොෆ්ට් විරෝධී හා මයිකොසොෆ්ට් හිතවාදී කියල කණ්ඩායම් දෙකක් ඉන්නවාද? ඔබ හා විජය පරිගනක කණ්ඩායම මයිකොසොෆ්ට් හිතවාදී පක්ෂයේ බව පැහැදිලියි. ඒත් ඔබ යමෙකු මයිකොසොෆ්ට් විරෝධී කියල තේරුම් ගන්නේ කොහොමද? මම නම් මයිකොසොෆ්ට් විරෝධී නෑ. ඒ වගේම මම නීති විරෝධීත් නෑ. මයිකොසොෆ්ට් ඉදිරිපත් කරන ගිවිසුම මේ ළඟක් වෙනකම් ලංකාවේ වලංගු නෑ. ඒ බව දන්නා නිසා හා ලෝකයේ සෑම දෙනාටම පරිගනකයේ අයනු ආයනු වින්ඩෝස් වලින් කියවිය යුතු නිසා මයිකොසොෆ්ට් අපේ රට ඇතුළු පරිගනක භාවිතය අඩු රටවල නීතිවාරෝධී පිටපත් පැතිරෙන්ට ඉඩ හැර මොකුත් නොදන්නවා වාගේ බලාගෙන හිටියා. ඉතින් ඔබත් මාත් ඇතුළුව ලෝකයේ බහුතරයක් පරිගනක ඉගෙන ගත්තේ වින්ඩෝස් වලින් තමා. ඒ ඔබුන්ටු වලින් හෝ ෆෙදොරා වලින් හෝ පරිගනක ඉගෙන ගැනීමට නොහැකි නිසා නොවේ. පරිගනක උගන්වන ආයතන වලට නොයෙක් සහතික, නම්බුනාම ආදිය ලබා දී, හා ඒවාට ගුරුවරු පුහුණුකර දී සෑම දෙනාටම පරිගනක උගන්වන්න වින්ඩෝස් භාවිතා කිරීමේ පරිසරයක් නිර්මානය කිරීමට තරම් බිල් ගේට්ස්ගේ අලෙවිකරණ හැකියාව ප්‍රබල වුණු නිසයි. එම අලෙවිකරණ ව්‍යාපෘතියේම තවත් කොටසක් තමා විජය පරිගනකය හා ලවක් දෙවක් නැතිව පරිගනක උගන්වන පොත් ලියන කණ්ඩායම් හරහා සිදු කරන්නේ. ඔබටත් මේ අත්දැකීම ලබන්නට අවශ්‍යනම් පරිගනක උගන්නවන පොතක් දෙකක් ප්‍රකාශයට පත් කරන්න. බේරේ වැවේ සුළං වැදි වැදි නොමිලේම මයිකොසොෆ්ට් අලෙවිකරණ පුහුණුවක් ලබාගත හැකියි.
මයිකොසොෆ්ට් අලෙවිකරණ ව්‍යාපෘතියේ තවත් කොටසක් තමා ඔබ ඇතුළු මයිකොසොෆ්ට් හිතවාදී පක්ෂය කරන්නේ. බිල්ගේට්ට ණය ගෙවිය යුතු බව කියමින් ධර්ම දේශනා කිරීම එක ක්‍රමයක්. අනෙක් ක්‍රමය ලිනක්ස්වලට හුඟක් ඩ්‍රයිව්ස් සෆෝට් කරන්නේ නෑ ආදී මත පැතිරවීම. (මට මතකයි කාගේ හෝ බ්ලොග් එකක හෝ කමෙන්ට් එකක සෆෝට් නොකරන ඩ්‍රයිව්ස් මොනවද කියා අසා තිබුණා. ඒත ඔබලා කවුරුවත් ප්‍රසිද්ධීයේ කියා තිබූ වගක්නම් මතක නෑ.) කරුමයක මහතනම් ඔබ පවසන පරිදි (...අනෙක මේක නිර්මාණය කරන්න කොච්චර බිල්ගේට්ස් වෙහෙසෙන්න ඇතිද. ඒවායෙ ප්‍රතිලාභ භුක්තිවිද්න්න එයාට සම්පූර්ණ අයිතිය තියෙනවනෙ... ) බිල්ගේට්ස් තම වෙහෙසේ ප්‍රතිලාභ හොඳින් භුක්ති විඳිද්දී ඔහු වෙනුවෙන් කඩේ යන ඔබලාගේ වෙහෙසට ප්‍රමාණවත් ප්‍රතිලාභ ඔබලාට නොලැබීමයි. ඔබ හාඩ්වෙයාර් සඳහා පමණක් මුදල් ගෙවා පරිගනකයක් භාවිතා කරන දවසක ඒ බව අපටත් කියන්න. අපිත් එනවා ඔබ සමග ඒ අවස්ථාව සමරන්න."