Saturday, January 17, 2009

පාර්ලිමේන්තුවේ නොකියන කුණු හරුප

ගැබිණියකගේ තනපුඩුවක පැහැය උරා
පාවෙන වළාකුළු පවතී අහස පුරා
මිටියාවතේ මීදුම් ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා.

පසුගිය දිනක පුවත්පතක පලවූ පාර්ලිමේන්තු වාර්ථාවකට අනුව පාර්ලිමේන්තුවේදීවත් ප්‍රකාශ කිරීමට නොහැකි අසභ්‍ය වචන සහිත කවි පන්තියක් පාසල් පෙලපොතකින් ඉවත් කළ බව ගරු අධ්‍යාපන ඇමති තුමා ප්‍රකාශ කර තිබුණා. ඒ අවස්ථාවේ එම කවිය කුමක්දැයි දැන ගැනීමේ ආසාවක් ඇති වුවත් එයට අවස්ථාවක් නොලැබුණු අතර, මෙම සති අන්තයේ පුවත් පතක එම සිද්ධිය පිළිබඳ විචාරාත්මක ලිපියක් පලවී තිබුණා. රේණුකා හේරත් හිටපු ඇමතිතුමිය ඉදිරිපිට අපේ ගරු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාට ලැජ්ජා බයක් ඇතිව කියවිය නොහැකි කවියයි මේ.

ගැබිණියකගේ තනපුඩුවක පැහැය උරා

සිංහල සාහිත්‍ය කන්නද කියා කිවූ තවත් දේශපාලකයෙකුට සිනාසෙන අපේ දේශපාලකයින්ගේ සාහිත්‍ය! අඳෝමැයි.

කෙසේ වුවද එකක් ගැන සතුටුවිය හැකිය. එනම් අපේ පාර්ලිමේන්තුව යනු උපමාවක් ලෙස කාන්තා ඇඟ-පසඟක් ගෙනහැර පාන්නේවත් නැති ඉතා ශිෂ්ඨ වචන පාවිච්චි කරන රටටම ආදර්ශවත් තැනක් ලෙස නිගමනයකට අපට මෙයින් එළඹිය හැකිය.

5 comments:

පිටස්තරයා said...

අනේ ඉතිං මේවට මොනවා කියන්නද?

කරන්න ඔ‍නේ හොඳම වැඩේ මේ යක්කුන්ව රජ ගෙදරට ඇරපු අපිට පන්න පන්න ගහලා ඊට පස්සේ අරුන්ට ගහන්න ඔනේ. ඔය වගේ ගොබ්බ වැඩ වල ප්‍රථිපල අපිත් විඳිනවා. කිසිම සංවේදී ගතියක් නැති පරිගණක රාමුවටම කොටුවෙච්ච ශිෂ්‍යයන් බිහිවෙලා තියෙන්නේ ඔය වගේ දේවල් නිසා

Anonymous said...

"පරිගණක රාමුවටම " පිස්සුද තවම ලංකාවේ එහෙම නැ. දැන් ඔන්න කොමිස් ගහන්න වැඩකට නැති OLPC එකක් ගෙන්වනවා.

අමු බොරුව

malee_msg said...

අනේ මන්දා මගේ වැරැද්දක්ද කියලා මට නම් ඒ කවියේ වැඩි වරදක් නෑ.. උපමා උපමේය භාවිතාව හැර.. වැරැද්දක් තියේනම් දන්න කෙනෙක් කියා දෙන්නකො..
මම දන්න විදියට නම් මිනිස් අපි හැමෝම අම්මා කෙනෙක් ගේ පයෝධරඅගින් ජිවය උරා බිව් අය.. අනේ ඉතිං කවියක අලංකාරයක් විදියට මේක කිව්වම වැරදිද?

Anonymous said...

අපි තමයි වැරදි කාරයො

Unknown said...

karma of sinhalese.